ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් මිලියනයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (8) නියම කර තිබේ.
ඒ, තම දරුවාගේ පියා වූ චාමික කරුණාරත්න දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරමින්, ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාරත්න නමැත්තිය ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව යි.
තමන් කරුණාරත්න සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපත ලැබූ බවත්, පීතෘත්වය තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණයක් පවත්වන ලෙසත් පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
කරුණාරත්නගේ නීතිඥ අසේල රැකව ඉල්ලීමට විරුද්ධ වෙමින් කියා සිටියේ තම සේවාදායකයා චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, එම කාලය තුළ පැමිණිලිකරු ඉන්දියානු ජාතිකයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත්ය.
මහේස්ත්‍රාත්වරයා චාමික කරුණාරත්නට ඇප ලබා දී නඩුව 2026 ජනවාරි 30 නැවත විභාග කිරීමට දින නියම කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.