CLOSE

දිට්වා සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ජන­තා­වට සහන සැල­සීම සඳහා රජය ආරම්භ කළ Rebuilding Sri Lanka අර­මු­ද­ලට ඊයේ (10) වන විට රුපි­යල් මිලි­යන 1,893ක් ලැබී තිබෙන බව රජය අව­ධා­ර­ණය කරයි.

මේ සඳහා ලෝකයේ රට­වල් 39ක පමණ ශ්‍රී ලංකි­ක­යන් ද ඇතු­ළුව විශාල පිරි­සක් මුදල් බැර­කර තිබෙන බව මුදල්, ක්‍රම සම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම ප්‍රකාශ කරයි. දිට්වා සුළි කුණා­ටු­වෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනු­වෙන් රක්ෂණ වන්දි ගෙවීම හා සුළි කුණා­ටු­වෙන් සිදුවූ ආප­දා­වෙන් රට යථා තත්ත්ව­යට පත්කි­රීමේ අර­මු­ණින් අර­ඹන ලද Rebuilding Sri Lanka වැඩ­ස­ට­හ­නට දේශීය වශ­යෙන් මෙන්ම විදෙ­ස්ගත ශ්‍රී ලාංකි­ක­ය­න්ගෙන් සහ විවිධ ආය­ත­න­ව­ලින් මූල්‍යා­ධාර වශ­යෙන් මෙත­රම් ප්‍රමා­ණ­යක් ලැබී තිබෙන බව ලේක­ම්ව­රයා පෙන්වා­දෙයි.

මෙම සුළි කුණා­ටු­වෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනු­වෙන් වන්දි ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරීම සඳහා වූ සාක­ච්ඡා­වක් ශ්‍රී ලංකා රක්ෂණ නියා­මන කොමි­ෂන් සභාවේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ සිය­ලුම රක්ෂණ ආය­ත­න­වල ප්‍රධා­නීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැත් වූ බව ද කියා සිටී.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් මුදල්, ක්‍රම සම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා මේ බව සඳ­හන් කළේය. එම සාක­ච්ඡා­වේදී අනා­ව­ර­ණය වූ පරිදි මෙම ආපදා තත්ත්වය තුළ හානි­යට පත් ව්‍යාපාර, දේපළ සහ ජීවිත වෙනු­වෙන් කඩි­න­මින් වන්දි ලබා­දීමේ ක්‍රම­වේ­ද­යක් දැන­ට­මත් සිය­ලුම රක්ෂණ සමා­ගම් ආරම්භ කර ඇති බවද ඔහු සඳ­හන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම ,

"එම වැඩ­පි­ළි­වෙළ අනුව සුළු දේපළ හානි වෙනු­වෙන් කඩි­න­මින් වන්දි ලබා­දී­මට අවශ්‍ය කට­යුතු මේ වන­වි­ටත් ආරම්භ කර තිබෙ­නවා. විශාල දේපළ හානි සඳහා වන්දි ගෙවීම, ඊට අවශ්‍ය තොර­තුරු රැස්කර ගැනී­මෙන් අන­තු­රුව සිදු කර­නවා.

එතෙක් එම වන්දි මුද­ල්ව­ලින් කොට­සක් කඩි­න­මින් ලබා­දී­මට කට­යුතු කර­නවා. දේපොළ හානි සහ වන්දි ගෙවීමේ කට­යුතු සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නිය­මන කොමි­ෂන් සභාවේ ප්‍රධා­න­ත්ව­යෙන් විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර තිබෙ­නවා.

මේ සම්බ­න්ධ­යෙන් මේ වන විට සාකච්ඡා කර තිබෙ­නවා. මේ ව්‍යස­නයේ දී දේපොළ සහ ජීවිත හානි වෙනු­වෙන් වන්දි ලබා­දීම සඳහා කඩි­නම් ක්‍රම­වේ­ද­යක් ආරම්භ කර තිබෙන බවට ඔවුන් ප්‍රකාශ කළා. එම වන්දි කඩි­න­මින් ලබා­දී­මට පිය­වර ගෙන තිබෙ­නවා.

ව්‍යස­න­යට පත්ව තිබෙන රට නැවත ගොඩ­නැ­ඟීමේ කට­යුතු සඳහා Rebuilding Sri Lanka වැඩ­ස­ට­හන වෙනු­වෙන් දේශීය සහ විදේ­ශීය වශ­යෙන් මේ සඳහා ආධාර ලබා­දෙ­නවා. ඒ සඳහා රුපි­යල් මිලි­යන 1,893ක් දක්වා මේ වන­විට එම අර­මු­ද­ලට ලැබී තිබෙන මුදල් ප්‍රමා­ණය ඉහළ ගොස් තිබෙ­නවා.

විදෙස් ගත ශ්‍රී ලාකි­ක­යන්, මෙරට ජන­තාව, ව්‍යාපා­රි­ක­යන් මේ සඳහා අර­මු­දල් බැර­කර තිබෙ­නවා. විදේ­ශ­ය­කින් ලැබී තිබෙන වැඩිම මුදල බල­න­විට අමෙ­රි­කා­වෙන් ලැබී තිබෙ­නවා.

ඔස්ට්‍රේ­ලි­යා­වෙන් ද එංග­ල­න්ත­යෙන් ද මුදල් ලැබී තිබෙ­නවා. ඉතා­ලිය, ප්‍රංශය, ජර්ම­නිය, කොරි­යාව ඇතු­ළුව රට­වල් 39කින් ශ්‍රී ලංකා­වට මුදල් ලැබී තිබෙ­නවා. මේ අව­ස්ථාවේ විප­තට පත් ජන­තාව ගොඩ­නැ­ඟීම සඳහා රජය ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළට සහාය ලබා­දෙ­මින් මේ අර­මු­ද­ලට මුදල් බැර­කර තිබෙ­නවා. මේ වෙනු­වෙන් විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක වෙනවා”

මහින්ද අලු­ත්ගෙ­දර, චමීර ඇල්ල­දෙ­ණිය | dinamina.lk 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.