ඉන්දියාවේ දිල්ලි අගනුවර රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

උත්තර් ප්‍රදේශ් පුරා සියලුම ආරක්ෂක ආයතන සහ දිස්ත්‍රික් පොලිසිය දැඩි සීරුවෙන් තබා ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි.

දිල්ලි ගිනිනිවන සේවා සහ පොලීසිය එක්ව මේ වනවිට අදාළ ස්ථානයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

පිපිරීම සිදුවූ ස්ථානය කාර්යබහුල ප්‍රදේශයක් වීම හේතුවෙන් බරපතළ හානි සිදුව ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි.

 

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.