Breaking : දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීම : පක්ෂව ඡන්ද 177ක්
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් සහ විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොතිබුණි.
ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීම නිසා ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසයි.
7 වැනිදාට පෙර දිනවලදී දෙරට අතර ගුවන් ගමන් සැලසුම් කර ඇති පුද්ගලයින් ඊට අදාළ දින වකවානු නැවත සූදානම් කර ගන්නා ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙනු ලබයි.
මේ අතර එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා තව දුරටත් ආරක්ෂිත නමුත් ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවුවහොත් ඒ සඳහා ද කටයුතු සූදානම් කර ඇතැයි තානාපතිවරයා සඳහන් කළේ ය.
ඊශ්‍රායල රජය ජනතාවට දැනුම් දෙන්නේ හැකිතාක් ගමන් අවම කර නිවාසවලම රැඳී සිටින ලෙස යි.
ඉදිරියේදී ප්‍රහාර ඉහළ ගියහොත් ඒවායින් ආරක්ෂා වීම සඳහා භූගත කඳවුරු, භූගත රෝහල්ද සහ හදිසි ගිලන් රථ සේවා ස්ථාපිත කර ඇතැයි ඊශ්‍රායල රජය දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් සහ විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොතිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.