7 වැනිදාට පෙර දිනවලදී දෙරට අතර ගුවන් ගමන් සැලසුම් කර ඇති පුද්ගලයින් ඊට අදාළ දින වකවානු නැවත සූදානම් කර ගන්නා ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙනු ලබයි.
මේ අතර එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා තව දුරටත් ආරක්ෂිත නමුත් ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවුවහොත් ඒ සඳහා ද කටයුතු සූදානම් කර ඇතැයි තානාපතිවරයා සඳහන් කළේ ය.
ඊශ්‍රායල රජය ජනතාවට දැනුම් දෙන්නේ හැකිතාක් ගමන් අවම කර නිවාසවලම රැඳී සිටින ලෙස යි.
ඉදිරියේදී ප්‍රහාර ඉහළ ගියහොත් ඒවායින් ආරක්ෂා වීම සඳහා භූගත කඳවුරු, භූගත රෝහල්ද සහ හදිසි ගිලන් රථ සේවා ස්ථාපිත කර ඇතැයි ඊශ්‍රායල රජය දැනුම් දෙයි.