මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එසේ පැවසීය.
මහ මැතිවරවරණය ළගදීම පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන නිසා ඊට අදාල බිම් මට්ටමේ සැළසුම් සකස් කරන බවත් එම පක්‍ෂය ප්‍රබල පක්‍ෂයක් ලෙස නැවත නැගී සිටීමට කටයුතු කරන බවත් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.