මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි කදිරවේලු සම්මුගම් කුගදාසන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබීය.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වගන්තියට ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.
අදාළ නම් කිරීම ගැසට් නිවේදනයක් මගින් පසුගියදා (02) නිකුත් කර තිබේ.
කදිරවේලු සම්මුගම් කුගදාසන් කලක් අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබේ.
ඊට අමතරව ඔහු දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ලෙස මේ වන විටත් කටයුතු කරයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි නව නායකයා තෝරා ගැනීම සඳහා පසුගිය කාලය පැවති මධ්‍යම කාරක සභාවේදී එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ඔහු පත් කරනු ලැබූ අතර එම පත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන මේ වන විට ත්‍රිකුණාමල දිසා අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.