මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
ළමුන් අතරේ ඉන්ෆ්ලුවන්සා උණ සහ පාචනය පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පවසයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්ද පාචන රෝගී දරුවන් රැසක් පසුගිය දිනවල වාර්තා වූ බව පවසන වෛද්‍යවරයා මැස්සන්ගෙන් ආහාර පරිස්සම් කර ගැනීම, පිරිසුදු වතුර පාවිච්චිය, වැසිකිළි යැමෙන් පසු හොඳින් අත් සෝදා ගැනීම ආදී ක්‍රියාමාර්ග ගැනීමෙන් පාචනය පැතිරීම වළක්වා ගත හැකි බවද සඳහන් කරයි.
මේ හේතුවෙන් සෞඛ්යාරක්ෂිත නොවන ස්ථානවලින් ආහාර ගැනීමෙන් වැලකී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉන්ෆ්ලූවන්සා උණ වැළඳුණු දරුවන් රැසක් ප්‍රතිකාර ලබා පිටව ගිය බවද ඔහු සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.