මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
වැටුප් ඇතුළු ගැටළු රැසක් මුල් කර ගනිමින් කේෂ්ත්‍ර කිහිපයක සේවකයින් අද(24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබේ.
අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ලේකම් අජිත් කේ තිලකරත්න පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් අද සිට ලෙඩ නිවාඩු දැමීමමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
මේ අතර, වැඩ වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අන්‍යධන සේවකයින් සහ රාජ්‍ය වැටුප් කමිටුව අතර සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත සඳහන් කළේ, එහිදී තම ගැටලු පිළිබඳව ධනාත්මක පිළිතුරක් අපේක්ෂා කරන බවයි.
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 55කි.
ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ, දින 55 ක් පුරා ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයෙන් සිය ගැටලුවලට විසදුම් නොලැබීම හේතුවෙන් ය.
සිය ගැටලුවලට විසදුම් නොලැබීම හමුවේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර තිබේ.
මේ අතර,පාසල් සංවර්ධන නිලධාරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අදට දින 15 කි.
මේ අතර, විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ පැවසුවේ, සිය ගැටලුවලට විසදුම් නොලැබෙන්නේ නම්, අනිද්දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බවයි.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට හා අනිද්දා දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම කමිටුවේ විධායක සභික සම්පත් දේශප්‍රිය සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට හා අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තමන් සූදානම්ව සිටින බවයි.
මේ අතර, රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උදුගොඩ පැවසුවේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.