මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවක්
පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා පිට මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දී තිබේ.