මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16) රාත්‍රී චෙන්නායි හී සිට පැමිණි 23 හැවිරිදි ඩෙන්මාක් ජාතික තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ පසුව ඇය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර හරිත මාවත ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටව යාමේ දී ඇයගේ ගමන් මල්ලේ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
ගමන් මල්ලේ ආහාර අඩංගු පැකට් 25ක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබිය දී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 356ක් සොයාගත් බව කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.