මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයන් 20 දෙනකු රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
බස් රථය ගිනිගැනීමත් සමග එහි දොර අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් එහි ජනෙල් කඩා ඉන් ඉවත්වී ඇත.
අනතුරෙන් පාදයක් තුවාල වූ එක අයෙකු රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.
මෙම ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
අදාළ සමාගම ද ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන බවත්, අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත බවත් තානාපතිවරයා සඳහන් කළේය.
ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ (18) උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.