මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි ය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.