පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් සමාලෝචන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) වන දින ගුරු-විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයන් සමඟ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවක් අමතමින්.
මෑතකාලින ලබා දුන් අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරු පත්වීම් නව රජය බලයට පත් වීමට පෙර අනුමත වූ පත්වීම් බවත්, එම පත්වීම් ලබා දී ඇත්තේ ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව බවත් අගමැතිනිය සඳහන් කර තිබේ.
එසේ වුව ද එලෙස ලබා දුන් පත්වීම් පිළිබඳව ද, රජයේ අනුමත පෞද්ගලික විශ්ව විද්‍යාලවල සහ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනවේදි උපාධියේ ගුණාත්මකභාවයද නැවත සමාලෝචනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් කටයුතු ආරම්භ කර ඇති බව අගමැතිනිය පවසා ඇත.
මෙම සමාලෝචන ක්‍රියාවලියට අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගන්නා බවයි ගුරු – විදුහල්පති නියෝජිතයන් හමුවේ අගමැතිනි සඳහන් කර ඇත්තේ.
එම සාකච්ඡාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අමල් එදිරිසූරිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.