චීන හමුදාව තායිවාන දූපත වටා යුද අභ්‍යාසයක
චීනය විසින් “Justice Mission 2025” නමින් තායිවාන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව යුද අභ්‍යාසයක් සිදුකර තිබේ.
බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ඉදිරියේදී රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර පවසයි.
අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ ය.
"ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ මාර්ග රිය අනතුරු 271කින් වැඩිවෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 317කින් වැඩිවෙලා තියෙනවා. නමුත් බරපතළ අනතුරු ගත්තාම සාමාන්‍යයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව අපේ රියදුරු මහතුන්ගේ තියන නොසැලකිල්ල, අනවධානය වගේ හේතුන් මේකට විශේෂයෙන් බලපාලා තියෙනවා. දැන් අපි ගත්තාම දෛනික මාරක අනතුරු අධ්‍යනය කිරීමේදී වැඩි වශයෙන්ම මාර්ග අනතුරුවලට භාජනය වෙන්නේ විශේෂයෙන් පදිකයෝ. පදිකයෝ 31%ක ප්‍රමාණයක් වාර්ෂිකව අනතුරුවලට භාජනය වෙනවා. ඒ වගේම යතුරුපැදිකරුවන්, පසුපැදිකරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන්. අපිට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි වාහන පාවිච්චි කරන රියදුරන් බොහෝ අය මේකට හේතුවක් වෙනවා මත්ද්‍රව්‍ය සහ බීමත්කම. ඉදිරියේදී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ අනවධානයෙන් අන්තරාකාරීව රිය පදවලා තියෙනවානම් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කරන්න පොලිස්පතිවරයා දැනුම්දීලා තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
චීනය විසින් “Justice Mission 2025” නමින් තායිවාන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව යුද අභ්‍යාසයක් සිදුකර තිබේ.
මහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' යන අන්වර්ථ නාමය ලත් "හෙළයේ ගීත කෝකිලාවිය" කලාශූරී ලතා වල්පොල ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතය.