රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් "පැසිෆික් වෙරළ තීරයේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව කෙරෙහි කිසිදු බලපෑමක් සිදුකර නොමැති" බව, මූලික වාර්තාවලින් පෙනීයන්නේ යැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය පවසයි.

මැග්නිටියුඩ් 8.8ක් ප්‍රබල භූමිකම්පාව බදාදා (ජූලි 30) එරට වේලාවෙන් රාත්‍රී 11:25ට පමණ හටගෙන තිබුණි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය නිවේදනය කරන්නේ භූමිකම්පාව සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සුනාමියේ තත්වය සම්බන්ධයෙන් ජපාන බලධාරීන් සමඟ තොරතුරු හුවමාරුවේ යෙදෙන බවයි.

භූමිකම්පාව හටගැනීමෙන් පසු ජපාන බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන අතර, ෆුකුෂිමා ඩයිචි සහ ෆුකුෂිමා ඩයිනි න්‍යෂ්ටික බලාගාරවල සේවකයන්ට සේවා ස්ථානවලින් වහාම ඉවත් වන ලෙසට ද දැනුම් දී තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.