මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බව රාජ්‍ය බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.
ඒ පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද දැනගන්නට ලැබී ඇති බවයි එහි සඳහන් වන්නේ.
විශේෂයෙන්ම රටේ දැනට පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ඇති අතර එම පාතාල ක්‍රියාකාරකම් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේ දැයි ආරක්ෂක අංශ වලට සැකයක් මතුව ඇති බවද ඒ අනුව දැනගන්නට ලැබී ඇත.
ඒ හේතුවෙන් බුද්ධි අංශ විසින් අදාල පාතාල ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා බැලීම අඛණ්ඩව සිදුකරන බවයි වාර්තා වන්නේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාව සමීපයටම පැමිණ රැස්වීම් පැවැත්වීම හා ඔවුන් සමග සුහදව කතා කිරීම පසුගිය දිනවල දක්නට ලැබුණු අතර ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට මෙම පිළිවෙත සුදුසු නැති බවට ඇතැම් විචාරකයන්ද අදහස් දක්වා තිබුණි.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව පැවසූ නමුත් බොහෝ පාර්ශ්වවල මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබාදීමට නම් ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතු බවයි.
එම හේතුවෙන් ආරක්ෂක අංශවල උපදේශය වී ඇත්තේ ජනාධිපතිවරයා ජනතාව සමීපයට යාම අවම කරන ලෙස බවද වැඩිදුරටත් වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.