පොදු සමාව අවභාවිත කරලා - පොලිසියෙන් නිවේදනයක්
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව යළි සමාලෝචනය කිරීමට ඊයේ (07) රැස්වූ සමාලෝචන කමිටුවේදී තීරණය කර තිබේ.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු සමාලෝචනය කිරීමෙන් පසුව ඒ තක්සේරුව මත ඉදිරියේදී ආරක්ෂාව ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පවසයි.
දැනටත් එම කටයුතු ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියේ අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එතෙක් දැනට ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව එලෙසම පවත්වාගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.
එසේම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
රේගුවෙන් නිදහස් කළ ප්‍රශ්න ගත බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8ට අවසන් කර තිබේ.