බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්
ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි.
ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (ජූනි 30) අභාවප්‍රාප්ත වී තිබේ.
මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය පවසයි.