මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන්දියාවේ රාජස්ථාන්හි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී අද (25) පෙරවරුවේ සිදු වූ අනතුරකින් ළමුන් සිව්දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
17 දෙනකු අනතුරින් තුවාල ලබා තිබේ.
ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 දෙනෙකු පමණ සිට ඇත.
මෙම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ තිබූවක් වන අතර, ඒ සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කිහිපයක්ද ලැබී තිබූ පසුබිමකම මෙම අනතුර සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි..
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.