බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ටර් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනය කළේය.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.
එක් අවස්ථාවක ලකුණු 23ක් ඇතුළත මුල් පෙළේ කඩුලු 4ක් බිඳ වැටී ශ්‍රී ලංකා පිල දැඩි අසීරු අඩියකට පත්ව සිටි අතර එහි දී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු (56) සහ ජනිත් ලියනගේ (36) එක්ව ගොඩනගන ලද ලකුණු 87 ක් සම්බන්ධතාවය හරහා යම්කිසි අස්වැසිල්ලක් ශ්‍රී ලංකා පිලට ලබා දීමට සමත්වුණි.
මීට අමතර මැදපෙළ පිතිකරුවන් ලෙසින් වනිඳු හසරංග ලකුණු 35 ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 22 ක් බැගින් ලබා ගැනීමට සමත්විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සිය පන්දු වාර 10 තුළ දී ලකුණු 19කට කඩුළු 4 ක් දවා ගැනීමට සමත්විය.
ලකුණු 178ක පහසු ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 180ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.
ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණ ගත්තේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.