CLOSE

මෙක්සිකෝ අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු - ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් - තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාහසික අපරාධ සහ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ රජයට විරෝධය පා දහස් ගණනක් විරෝධතාකරුවන් ඉකුත් සෙනසුරාදා (15) මෙක්සිකානු අගනුවර උද්ඝෝෂණයේ නිරත විය.

අනෙකුත් නගරවල ද පැවති මෙම විරෝධතා පාගමන් සඳහා තම රජයට විරුද්ධ දක්ෂිණාංශික දේශපාලකයන් විසින් අරමුදල් සපයන ලද බවට එරට ජනාධිපති ෂයින්බෝම් චෝදනා නැගීය.

ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි උරුපන් නගරාධිපති කාලෝස් මැන්සෝගේ ඝාතනය ඇතුළු ඝාතනවලට එරෙහිව විරෝධතා දක්වන ජනතාවගේ සහාය ඇතිව Gen Z තරුණ කණ්ඩායම් විසින් මෙම රැලිය සංවිධානය කර තිබුණි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.