CLOSE

කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ අද (13) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති රීබිල්ඩින් ශ්‍රී ලංකා සමාරම්භක උළෙල අමතමිනි.

"බොහෝ දේ ව්‍යසනයට හේතු කරලා ඇඟ බේරගන්න හැකියාව තිබුණා. ඉතිහාසයේ එවැනි දේවල් සිදුවුණා. අවුරුදු තිහක් සියලු විනාශයන් යුද්ධයකට හේත්තු කළා. අප සකස් කර තිබූ වැඩපිළිවෙන ආපසු හරවන්න ව්‍යසනය පාවිච්චි කරන්න අපට කිසිම උවමනාවක් නෑ. අප හදාගත්ත න්‍යාය පත්‍රයේ එලෙසම යනවා."

"අප පොර බදන්නේ සකස් කරන ලද වැඩපිළිවෙල අකුළුවන්නේ නැතිව මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කෙසේද යන කාරණයයි."

කිසිම කාරණයක් නිසා අප ජන වරම පාවා දෙන්නේ නැහැ," යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.