CLOSE

සම සුදු කරන බව සඳ­හන් කර­මින් අලෙවි කරන ආලේ­පන වර්ග ඇතුළු ප්‍රමි­ති­යෙන් තොර රූප­ලා­වණ්‍ය ද්‍රව්‍ය සම්බ­න්ධ­යෙන් නීතිය බලා­ත්මක කිරී­මට රූප­ලා­වණ්‍ය පනත් කෙටු­ම්පත මේ වසර අව­සන් වීමට පෙර පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය ඉන්දිරා කහ­විට පැව­සු­වාය.

ඇය මේ බව ඊයේ (17) කියා සිටි­යේ සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමිනි.

මෙම පනත් කෙටු­ම්පත පන­තක් බවට පත්වූ පසුව නීති විරෝධී ආලේ­පන වර්ග වෙ‍ෙළ­ඳ­පොළේ භාවි­තය තහ­නම් බව කියා සිටි වෛද්‍යවරිය පසු­ගිය වසර තුනේදී ජාතික ඖෂධ නියා­මන අධි­කා­රිය ඔස්සේ රූප­ලා­වණ්‍ය ආලේ­පන 9,000ක් පමණ ලියා­ප­දිංචි වී ඇති බවත් ඒ අනුව වස­ර­කට රූප­ලා­වණ්‍ය ආලේ­පන වර්ග 3,000කට පමණ ජාතික ඖෂධ නියා­මන අධි­කා­රි­යෙන් ලියා­ප­දිං­චිය ලබාදී ඇති බව ද පැව­සු­වාය.

දිය­වැ­ඩි­යාව සහ වකු­ගඩු රෝග සඳහා රස­දිය අඩංගු සම සුදු කරන ආලේ­පන හේතු වන බවත් දිගු කාලී­නව මෙම ආලේ­පන භාවි­ත­යෙන් පුද්ග­ල­යන්ට විවිධ රෝගා­බාධ ඇති විය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය. ගර්භිණී කාල­යේදී සම සුදු කරන ආලේ­පන වර්ග භාවි­ත­යෙන් ඉප­දෙන දරු­වාගේ ඉගෙ­නීමේ දුර්ව­ලතා, මත­කය සහ අව­දා­නය අඩු වීම, ක්‍රියා­කා­ර­කම් සහ ඇවි­දීම පරක්කු වීම, හැසි­රීමේ ගැටලු ඇති වීම යනා­දිය සිදු වන්නේ යැයි ද ඇය අව­ධා­ර­ණය කළාය.

සම යනු ශරී­රයේ තිබෙන විශා­ලම අව­ය­වය බවත් එම අව­ය­වයේ ආලේප කරන විෂ සහිත ආලේ­පන වර්ග නිසා රුධි­ර­යට විෂ වර්ග එක්ව පුද්ග­ල­යාගේ ශරී­රය ලෙඩ කරන බව ද පැව­සු­වාය. ශාක­සා­ර­ව­ලින් නිෂ්පා­දිත ආලේ­පන වර්ග ද ශරී­ර­යට අහි­ත­කර විය හැකි බවත් විවිධ වර්ගයේ ආලේ­පන භාවි­ත­යේදී පාරි­භෝ­ගි­කයා ප්‍රවේ­සම් විය යුතු බවත් වෛද්‍යවරිය පැව­සු­වාය.

කිසිදු ආකා­ර­ය­කින් සැලෝ­න්ව­ලට සම සුදු කරන ආලේ­පන වර්ග නිෂ්පා­ද­න­යට අව­ස­ර­යක් නොමැති බවත් එවැනි සැලෝ­න්ව­ලින් ලබා­දෙන ආලේ­පන වර්ග ප්‍රති­ක්ෂේප කිරීම පාරි­භෝ­ගි­ක­යාගේ වග­කී­මක් බවත් ඇය අව­ධා­ර­ණය කළාය.

විශේ­ෂ­යෙන්ම ළදරු ගැහැනු දරු­වන්ගේ සමෙහි පවු­ඩර් ආලේ­ප­න­යෙන් ඩිම්බ­කෝෂ පිළිකා ඇති වීමේ අව­දා­න­මක් පව­තින අතර කුඩා දරු­වන්ට පවු­ඩර්, කොලෝන් භාවි­තය සිදු නොකළ යුතු යැයි ද විශේ­ෂඥ වෛද්‍ය ඉන්දිරා කහ­විට පැව­සු­වාය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.