6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000ක දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) පවසා සිටියේ, එම දීමනාව එළැඹෙන මාසයේ සිටිම ලබාදෙන බවය.
අමාත්‍ය ආනන්ද විජේපාල,
"පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ඒ නිලධාරීන්ට දීමානාවක් දෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ අනුව පොලිස් නිලධාරියෙකු රුපියල් 7,000 බැගින් දීමනාවක් දෙන්න තීන්දු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මිලයන 1,100ක් 2025 වර්ෂයට වෙන්කරලා තියෙනවා. ඒක ලබන සතියේ ඒ නිලධාරීන් වෙනුවෙන් අපි ගෙවනවා. එමෙන්ම නිලධාරීන්ගේ ක්‍රීඩා සපත්තු ඇඳුම් පැලඳුම් වෙනුවෙන් මුදලක් ඒ නිලධාරීන්ට ලබාදෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒක ලබන සතියේ අපිට අනුමැතිය ලබාගන්න හැකියාව ඇතිවෙයි කියලා විශ්වාස කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.