CLOSE

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් මිලියනයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (8) නියම කර තිබේ.

ඒ, තම දරුවාගේ පියා වූ චාමික කරුණාරත්න දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරමින්, ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාරත්න නමැත්තිය ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව යි.

තමන් කරුණාරත්න සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපත ලැබූ බවත්, පීතෘත්වය තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණයක් පවත්වන ලෙසත් පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

කරුණාරත්නගේ නීතිඥ අසේල රැකව ඉල්ලීමට විරුද්ධ වෙමින් කියා සිටියේ තම සේවාදායකයා චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, එම කාලය තුළ පැමිණිලිකරු ඉන්දියානු ජාතිකයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත්ය.

මහේස්ත්‍රාත්වරයා චාමික කරුණාරත්නට ඇප ලබා දී නඩුව 2026 ජනවාරි 30 නැවත විභාග කිරීමට දින නියම කළේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.