6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් එම ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පලකිරීම අවධානම් සහගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් පවසයි.
තමා පසුපස එන අපරාධකරුවන්ට එසේත් නැතිනම් තමන් පිළිබඳ තමන්ගේ නිවස හෝ දේපොළ පිළිබඳ විපරමින් සිටින පුද්ගලයන්ට එය වාසි සහගත තොරතුරක් වීමට ඉඩ ඇති බව ඔහු කියා සිටියේ සුහුරුපාය, බත්තරමුල්ල පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා,
"අප සියල්ලෝම උත්සව සමයකට ප්‍රවේශ වෙනවා. විශේෂයෙන් විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා අපේ අම්මලා තාත්තලා දූවරු පුත්තු ගමෙන් පිටත් වෙනවා. මේ වනවිට නිල facebook එක හරහා නැතිනම් සමාජ මාධ්‍ය හරහා ඔබගේ ගමනාත්තයන් පිළිබඳව ඔබම දැනුම්වත් කරනවා අපි දැකලා තියෙනවා. selfie photo හරහා ඔබ ඉන්නේ නුවරඑළිය , ඔබ ඉන්නේ ගාල්ලේ නැතිනම් ඔබ ඉන්නේ කතරගම යනාදි වශයෙන් මජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රමයක් ඔබ විසින්ම සකසාගෙන තියෙනවා. මෙය සුදුසු නොවෙයි. ඔබ පසුපසින් එන අපරාධකාරයෙකුට එහෙම නැතිනම් ඔබ පිළිබඳ ඔබගේ නිවස පිළිබඳ විපරමෙන් ඉන්න කෙනෙකුට එය හුදෙක් වාසි සහගත දෙයක් වෙන්න පුළුවන්. එම නිසා අපි අම්මලා තාත්තලාට විශේෂ මතක් කිරීමක් කරනවා ඔබ ඉන්නා තැන පිළිබඳව කිසිවෙකු දැනගත යුතු නොවෙයි. "
"එමෙන්ම ඔබ මේ චාරිකාව සඳහා භාවිතා කරන වාහනය විශේෂයෙන් විනෝද චාරිකා පාසල් ළමුන් අරන් යන චාරිකා සඳහා ඔබ භාවිතා කරන වාහනය, බස් රථය, ඔබගේ රියදුරු, මෙම වාහනයේ අයිතිකරු කවුරුද, මෙහි යාන්ත්‍රික දෝශ පිළිබඳ ඔබ සැහීමකට පත්වෙලා ද මේ රියදුර ගැන සෑහීමකට පත් වෙලා ද, ඔබගේ ගමනාන්තය දක්වා ඔබට යහතින් යා හැකි ගෞරවනීය රියදුරෙක් ඔබ සතුව සිටී ද මේ සියලු කරුණු කෙරෙහි ඔබ අවධානය යොමුකළ යුතුයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.