බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටු වන බවයි.
"අපි බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා අපි බොහොමත් කනගාටුවෙනවා. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට. අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා. මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න. අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරගයයි. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා. අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.