අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පැවසුවේ, තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.
පැය 48න් පසුවත් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සඳුදා තීරණයක් ගැනීමට නියමිත බව ඔහු පැවසුවේය.
එසේම, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව යළිත් 28 වනදා වර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ද පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
සශ්‍රීකත්වය ළඟාකර දීම වෙනුවෙන් හිරු දෙවියන්ට කෘතවේදීත්වය දැක්වීම අරමුණු කරගෙන ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අද (15) යි.