සරල පරීක්ෂණයකින් මුඛ පිළිකා අවධානම හඳුනා ගන්න
සරල මුඛ පරීක්ෂණයක් සිදුකිරීමෙන් මුඛ පිළිකාවක් සෑදීමේ අවධානම කල්තියා හඳුනාගත හැකි බවත් එලෙස හඳුනාගැනීමෙන් එය දරුණු පිළිකා තත්ත්වයකට යාමට නොදී වළක්වාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.