විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
සතියකට පැය 40 කට වැඩියෙන් වැඩ කරන පිරිස පසුගිය වසර තුනක කාලයේදී ලක්ෂ හතකින් පමණ වැඩි වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිදරව්වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසීය.
හැත්තෑ නවලක්ෂ අනූ නව දහස් අනූ තුනක් වන රටේ ශ්‍රම බලකායෙන් 4095493ක් පැය හතළිහට වැඩියෙන් වැඩ කරන බව ඔහු ප්‍රකාශ කළේය.
සතියකට පැය 40 ක් හෝ ඊට වැඩියෙන් වැඩ කළ පිරිස 2022 වර්ෂයේ දී සියයට 56.2 ක් බවත් මේ වසරේදී එය සියයට 65.8ක් දක්වා සියයට දාහතක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර සතියකට පැය දහයත් තිස් නවයත් අතර වැඩ කරන පිරිස 2022 වර්ෂයේදී සියයට 27 ක් ලෙස පැවතුණු බව පැවසූ මහාචාර්යවරයා එම සංඛ්‍යාව මේ වසරේදී සියයට 29.7 ක් දක්වා සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.
සේවා නියුක්තියන් අතරින් සතියකට පැය එකත් නවයත් අතර වැඩ කරන පිරිස 2020 වසරේදී සිටියේ සියයට 2.1කි. එය මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.9කින් අඩු වන බව එම වාර්තාවල දැක්වෙන්නේ යැයි වසන්ත අතුකෝරළ කීවේය.
සතියකට වැඩ කරන පැය ගණන හතළිහට වැඩිවී ඇත්තේ ආර්ථික උද්ධමනය යනාදී හේතු සැලකිල්ලට ගෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.