බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
මංගල ටෙස්ට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 50 සීමාව පසු කළ පිතිකරුවා ලෙස කමිදු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය. ඒ අද පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නොදැවී ලකුණු 51ක් රැස් කරමිනි. ඔහු තරග 8කදී එම දක්ෂතාවය පෙන්නුම් කළේය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.
මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු 63කින් ජය ගත් ශ්‍රී ලංකාව තරග 1ට 0ක් ලෙස මේ වනවිට තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.
කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 2කට සීමා කරමින් පැතුම් නිස්සංක එක් ලකුණකට පිටියෙන් ඉවත් විය.
දෙවැනි කඩුල්ලට දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් එක් කළ සබදතාවය ලකුණු 122කි. දිමුත් ලකුණු 46ක් ලබා ගත්තේය.
දිනේෂ් චන්දිමාල් 15 වැනි ටෙස්ට් ශතකය සමග ලකුණු 116ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට 4 පහර 15ක් ඇතුළත් විය.
ඇන්ජලෝ මැතිව්ස් 44වැනි ටෙස්ට් අර්ධ ශතකය සමග නොදැවී ලකුණු 78ක් ලබා ගත්තේය.
පළමු දිනය සදහා තරගය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුළු 3කට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 306ක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.