සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
"කණ්ඩායම මීට වඩා නිහතමානී වුණා නම්... ආකල්ප වෙනස් වුණා නම් තරග පැරදුනා කියලා ලංකාවේ මිනිස්සු මෙච්චර කල් බැනලා නැහැ. මිනිස්සු හරි ආදරය කළා. ඒ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් අලුත් පුහුණුකරුවෙක් තාවකාලිකව ඇවිල්ල තියෙනවා. මට ආරංචි විදියට ඔහු පළමුවෙන්ම කරලා තියෙන්නේ ඔක්කොගේම කොණ්ඩ කපලා.... කරාබු ගලවපු එක. ඒ සියලු දේවල් කරලා තියෙනවා. මං හිතන්නේ සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරද්දි ඔවුන් හොඳ විනයක් ඇතුව ක්‍රීඩා කළා. ඔවුන් ආරම්භය හොඳින් මතක තබාගෙන හිටියා. දැන් ඉන්න නූතන ක්‍රීඩකයන්ට පුංචි අඩුවක් තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.