බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.
ඒ අනුව, වනිඳුට තරග මුදලින් සියයට 25ක දඩයක් සහ බිනුරට තරග මුදලින් සියයට 20ක දඩයක් නියම කෙරුණි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායම්වල ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ මෙවර දැඩි අවධානයක් යොමු කිරීමට LPL තරග සංවිධායකයින් කටයුතු කරයි.
ඒ අනුව ක්‍රීඩකයින්ගේ ඇඳුම් පැළඳුම් හා ක්‍රීඩා උපකරණ පිළිබඳවද දැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගෙන ඇති අතර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අයත් නොවන හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක වනිඳු හසරංගට තරග මුදලින් සියයට 25ක දඩයක් පැනවීමට පියවර ගැනුණි.
ඒ ඇඳුම් පැළදුම් හා ක්‍රීඩා උපකරණ රෙගුලාසි උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේය.
අමෙරිකානු ඩොලර් 3600ක් වූ එම දඩ මුදලේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම ලක්ෂ 11කට ආසන්නයි.
එමෙන්ම කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුටද එම නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් සියයට 20ක දඩයක් නියම කළේය.
ඒ ජුලි 2 වැනිදා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ඔහු විනිසුරු උපෙදස්වලට අවනත නොවීම හේතුවෙනි.
එමෙන්ම තරග පැවැත්වෙන දිනවලදී තරග අවසන් වනතුරු ක්‍රීඩාංගණය තුළදී ක්‍රීඩකයින්ට සෙරෙප්පු පැළඳීමද LPL තරග සංවිධායකයින් තහනම් කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.