උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මරුට
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල මඟින් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලාංකිකයන් විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල හරහා සිදු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම පිණිස එය මාර්ගගතව සිදු කිරීම සඳහා සහාය ලබා ගැනීමට අදාළව යෝජනාවක් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, දූත මණ්ඩල/කාර්යාල 20ක් ආවරණය වන පරිදි ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ ආශ්රිත උපකරණ සැපයීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගත සම්බන්ධතාව පහසු කිරීම සහ ඒකාබද්ධ වීමට අදාළ පද්ධති /මෘදුකාංග සංවර්ධනය හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් අවශ්‍ය අරමුදල් සපයා දීමට එකඟතාව පළ කර තිබේ.
එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර, ඩිජිටල් තාක්ෂණය භාවිත කර කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම අරමුණු කර ඇත.
ඒ අනුව, හඳුනා ගනු ලබන විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල 20ක් මඟින් මාර්ග ගතක්රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.