පුවත්

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් අතරතුර එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023-09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

Read More

වාහනවල ඇලවූ මැතිවරණ ස්ටිකර් ගලවන්න උපදෙස්

පුද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු සියලුම පුද්ගලික වාහනවල අලවා තිබෙන ජනාධිපතිවරණයට අදාළ ජයාරූප හා ස්ටිකර ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලීසියට දැනුම් දී තිබේ.

Read More

සජිත් ගේ වේදිකාවට ගොඩවූ ජනපති අපේක්ෂකයෙක් ගැන විමර්ශන

ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ රැස්වීම් කිහිපයක් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

Read More

රාජ්‍ය සේවකයින් රාජකාරියට වාර්තා කිරීම ගැන අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

Read More

යාගි නිසා වියට්නාමයේ පාලමක් කඩා වැටේ : කාර් 10ක් ගඟේ

උතුරු වියට්නාමයේ කාර්යබහුල පාලමක් යාගි සුළි කුණාටුව නිසා කඩා වැටී ඇති අතර, සුළි කුණාටුව ඉකුත් සෙනසුරාදා ගොඩබිමට කඩා වැදීමෙන් පසු මේ දක්වා පුද්ගලයින් 60කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබේ.

Read More

ගීතා සජිත් ළඟට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

Read More

දශකයකට පසු ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ටෙස්ට් තරග ජයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More