උතුර සහ නැගෙනහිර පළාත් වලින් ඉවත් කළ හමුදා කඳවුරු මොනවා ද?
ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් වී 2024 වර්ෂයට වසර 15 ක් ගතව තිබේ. වසර ගණනාවක සිට උතුර සහ නැගෙනහිර ජනතාවගේ මෙන්ම උතුරේ දේශපාලනඥයින්ගේ ප්‍රමුඛ ඉල්ලීමක්ව පැවතියේ ආරක්ෂක අංශ සතුව ඇති උතුර සහ නැගෙනහිර ජනතාවගේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට මුදා හැරීමය. කෙසේ වෙතත් දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලීම් හමුවේත් වසර 15 ක් පුරා අතිශය මන්දගාමීව පැවති මෙම ක්‍රියාදාමය හදිසි පිබිදීමකින් මේ වන විට සිදුවෙමින් ඇත.