ගන්දරින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය
දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ.
සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය.
ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලබයි.
ගාසා හි යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිට වසර දෙකක කාලයක් නත්තල සැමරීම සිදුනොවූ ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද මෙවර නත්තල් සැමරීම සිදුකෙරුණි.
අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව මෙහෙය රෝමයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වු අතර ඒ සඳහා ලොව නන්දෙසින් විශාල කිතුණු බැතිමතුන් පිරිසක් එක්ව සිටිය හ.
නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණි.
නත්තල් දේව මෙහෙයට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පැවසුවේ, සමාජය පිරිසිදු කිරීමට තණ්හාව දුරු කළ යුතු බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ.
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng පවසා තිබේ.
'දිට්වා' සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පැවසීය.