කෝටි 9ක් වංචා කළ රාජ්‍ය බැංකු නිලධාරිනියන් 3ක් අත්අඩංගුවට
රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුවයි.
පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැති බව ජනාධිපති ප්‍රකාශ කළත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයා මේ බද්ද ඉවත් කරගන්නා බව කියනවා නම් සතුටු වෙන බව කී මන්ත්‍රීවරයා නමුත් මූල්‍ය අරමුදලේ ගිවිසුම වචනයක්වත් වෙනස් කරන්නට බැරි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා තිබෙන්නේ යැයිද පැවසීය.
ඊළඟ මාස හතරේ නිර්මාණය වන අලුත් ආණ්ඩුව යටතේ මේ අසාධාරණ බදු වෙනස් කරන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුවයි.
ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවගේ පොදු ප්‍රවාහන සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා මූලික පියවරක් ලෙස කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අද (05) සිට අරඹා තිබේ.
සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) උදෑසන 8.00 සිට යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.