කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර පැය 48ක නිහඬ කාලය තුල, එනම් නොවැම්බර් 12 සිට 13 වැනිදා දක්වා අවම වශයෙන් අපේක්ෂකයෝ 93 දෙනකු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්රචාරක කටයුත්තක් කළ නොහැකි අතර මෙම නීතිය විශේෂයෙන් අන්තර්ජාල ප්රචාරක කටයුතු සඳහා ද බල පැවැත්වේ.
කෙසේ වෙතත් නිහඬ කාලය තුල ද ඇතැම් අපේක්ෂකයින් සමාජ මාධ්‍ය තුල මැතිවරණ ප්‍රචාරණයට අදාළ පළ කිරීම් සිදු කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.
මෙම නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව කඩිනම් පරීක්ෂණයක් පවත්වා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.