පොලීසියට කාන්තාවන් 1000ක් බඳවා ගන්න යයි
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර පැය 48ක නිහඬ කාලය තුල, එනම් නොවැම්බර් 12 සිට 13 වැනිදා දක්වා අවම වශයෙන් අපේක්ෂකයෝ 93 දෙනකු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි අතර මෙම නීතිය විශේෂයෙන් අන්තර්ජාල ප්‍රචාරක කටයුතු සඳහා ද බල පැවැත්වේ.
කෙසේ වෙතත් නිහඬ කාලය තුල ද ඇතැම් අපේක්ෂකයින් සමාජ මාධ්‍ය තුල මැතිවරණ ප්‍රචාරණයට අදාළ පළ කිරීම් සිදු කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.
මෙම නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව කඩිනම් පරීක්ෂණයක් පවත්වා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.