මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ රජය මඟින් සමස්ත මහජනතාවට සහන සැලසීම සඳහා වැඩකටයුතු කරගෙන යන බැවින් ඒ අනුව ඔවුන්ගේ විධායක කමිටුව බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළ දැමීමට තීරණය කළ බවයි.
"රජය මඟින් ඉන්ධන මිල පහත දැමීමත් සමග සහ මේ වනවිට ඔටෝ ඩීසල්වල මිල රු 24කින් සහ මීට කලින් රු 10කින් අඩුකිරීමක් කරලා තිබුණා. ඒ මිල ගණන්වලට සාපේක්ෂව ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තුව 4%කින් පහළ දැමීමට තීරණය කළා. මේ වනවිට රජය මඟින් වැඩකටයුතු කරගෙන යනවා සමස්ත මහජනතාවට සහන සැලසීම සඳහා. ඒ අනුව අපේ විධායක කමිටුව බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළ දැමීමට තීරණය කළා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.