ප්‍රමිතියකින් තොර ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
හිඟුරක්ගොඩ, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇතිවූ කළහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඊයේ (14) රාත්‍රීයේ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම කළහකාරී තත්ත්වය හටගෙන ඇති බව සඳහන් වේ.
ඒ සඳහා සහභාගී වන බවට ප්‍රකාශ වී තිබු ගායකයින් දෙපළක් සංගීත සංදර්ශනය සඳහා සහභාගී නොවීම හේතුවෙන් මෙම කළහකාරී තත්ත්වය හට ගෙන ඇත.
ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් එම සංගීත සංදර්ශනය පැවැත්වෙන බවට සංවිධායකයින් විසින් ප්‍රචාරක කටයුතු සිදුකර තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 1,000 සහ 2,500 ලෙස ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ද පියවර ගෙන තිබිණි.
ඊයේ රාත්‍රී සංගීත සංදර්ශනය ආරම්භ වී ඇති අතර ඊට සහභාගීවීමට නියමිතව සිටි ගායකයින් දෙපළක් පැමිණ නොමැති බව සඳහන් වේ.
ඒ අනුවසංගීත සංදර්ශනය අවසන් කරන බවට අලුයම 1.30ට පමණ නිවේදකයා දැනුම් දීමත් සමග ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පිරිස් ප්‍රසංගයේ පුටු ඇතුළු දේපළ මෙන්ම සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩවලට ද පහරදී අලාභහානි සිදුකර ඇත.
එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් 45 දෙනෙකු පමණ යොදවා තිබුණ ද ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වී ඇති බව වාර්තා විය.
ප්‍රසංගයේ සංවිධායකයින් විසින් පෙරොන්දු වූ මුදල ලබා නොදීම හේතුවෙන් අදාළ ගායකයින් දෙපළ ප්‍රසංගය සඳහා සහභාගී වී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණ වූ බව මැදිරිගිරිය පොලීසිය සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද අද දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියාකොට තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.