කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් අද (08) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
"ඊශ්‍රායල ජාතිකයින් ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා මේ දක්වා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු මගින් අවසර ලබාදීමක් සිදුකර නැහැ. නමුත් අපි දන්නවා ඔවුන් එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට. ඒ සම්බන්ධයෙන් අපිට තොතරු ලැබිලා තියෙනවා. ඒවා පිළිබඳව අපි නිරීක්ෂණයක් කරලා තියෙනවා. එවා අවසරයෙන් කරන ඒවා නෙමෙයි. කිසිවිටක අවසරයක් දීලා නැහැ. ඒ පිළිබඳව මොකද්ද සිදුකළ යුත්තේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒවා නවත්වන්න කුමක්ද කළ යුත්තේ විදෙස් කටයුතු අමාත්‍යාංශය මගින් මැදිහත්වීමක් සිදුවෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.