පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් අද (08) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
"ඊශ්‍රායල ජාතිකයින් ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා මේ දක්වා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු මගින් අවසර ලබාදීමක් සිදුකර නැහැ. නමුත් අපි දන්නවා ඔවුන් එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට. ඒ සම්බන්ධයෙන් අපිට තොතරු ලැබිලා තියෙනවා. ඒවා පිළිබඳව අපි නිරීක්ෂණයක් කරලා තියෙනවා. එවා අවසරයෙන් කරන ඒවා නෙමෙයි. කිසිවිටක අවසරයක් දීලා නැහැ. ඒ පිළිබඳව මොකද්ද සිදුකළ යුත්තේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒවා නවත්වන්න කුමක්ද කළ යුත්තේ විදෙස් කටයුතු අමාත්‍යාංශය මගින් මැදිහත්වීමක් සිදුවෙනවා."