ට්‍රම්ප්ගෙන් රටවල් 12කට තහනමක්
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
කැනේඩියානු සහ ඉන්දීය, මහ කොමසාරිස්වරුන් ඇතුළු, රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙරටින් නෙරපා හැරීමට මුල් වූ ඝාතන සිද්ධියට, බිෂ්නෝයි නම් ඉන්දීය අපරාධ කල්ලියක් සම්බන්ධ බවත්, එම අපරාධ කල්ලිය, ඉන්දීය බලධාරීන් සමඟ සබදතා පවත්වන බවට අනාවරණය වී ඇති බවත් කැනේඩියානු පොලීසිය අනාවරණය කර තිබේ.
ඉන්දීයාවේ ප්‍රබල අපරාධ කල්ලියක් යැයි කියන බිෂ්නෝයි කල්ලිය කැනඩාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවටද විවිධ බලපෑම් එල්ල කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි කැනේඩියානු පොලිසිය ඊයේ(14) සඳහන් කළේය.
ඉන්දියාවේ සිරගතව සිටින ලෝරන්ස් බිෂ්නෝයි නමැති පුද්ගලයෙකු විසින් මෙහෙයවන බවට සැක කෙරෙන අදාල අපරාධ කල්ලියට, පසුගියදා මහාරාෂ්ට ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.
මෙවැනි පසුබිමක කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සදහන් කළේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් නෙරපා හැරියේ, සිය රට වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා අතිරේක පියවරක් ලෙස බවයි.
පසුගිය වසරේදී කැනේඩියානු පුරවැසි, සික්හ් ආගම් බැතිමතෙකු වන හර්දීප් සින්ග් නිජ්ජර් නම් පුද්ගලයා බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේදී ඝාතනය වීමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට ඉන්දියාව සහ කැනඩාව අතර මතුවී ඇත්තේ දැඩි අර්බුධකාරී තත්ත්වයක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
2025 IPL ශූරයන් බවට පත්වූ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල අද (4) පැවති සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාව පකිස්ථානයේ ස්ථාන 09කට අද (07) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාර නිසා පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.