කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර බාර දී තිබේ.
රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදු කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.
අල්ලස් කොමිසම ගොනුකළ මෙම අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හළ අතර විත්තිකරුවන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණි.
ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද නියෝග කෙරුණි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ මෙම අධි චෝදනා පත්‍රයේ නීත්‍යානුකූල භාවය සහ චෝදනාවල නීති විරෝධී භාවය පිළිබඳව මූලික විරෝධතා මතුකිරීමට අපේක්ෂා කරන බවයි.
විත්තිකරුවන් විමර්ශන කටයුතුවලට සහාය වී ඇති නිසාත් ඔවුන් අධිකරණය හමුවට පැමිණ සිටින නිසාත් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ද ඉල්ලා තිබේ.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය සඳහන් කළේ ඇප සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම විත්තිකරුවන් ආරම්භයේ පටන් විමර්ශන කටයුතු වලට බාධා කර ඇති බවට කරුණු අනාවරණය නොවන නිසාත් ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කොට නඩු විභාගයක් පැවැත්විය යුතු බවට කරුණු අනාවරණය නොවන නිසාත් සුදුසු ඇපයක් මත මුදා හැරීමට තීරණය කරන බවයි.
ඉන් අනතුරුව මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම නඩුව දෙසැම්බර් මස 06 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.