කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් ගේ රැව සහිත මුද්දර නිකුත් කිරීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර සමරු තිළිණ පමණක් වන බවත් එය හුදෙක් සිහිවටනක් පමණක් බවත් ය.
තවද එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ, මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බවය.
එසේම ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති රුවක් යොදා පුද්ගලකාරක මුද්දර මුද්‍රණය කර ගැනීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන් හිදී පුද්ගලකාරක මුද්දර සිහිවටන ලෙස ලබාදීම සිදුකරන බවත් එහි සඳහන්ව තිබේ.
ලෝක තැපැල් දින ජාතික සැමරුම ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී පැවැති අතර ඒ සඳහා අගමැතිනී හරිනි අමරසූරිය සහ විෂයභාර අමාත්‍ය විජිත හේරත් සහභාගි විය.
එහිදී විශ්ව තැපැල් සංගමයේ 150වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කෙරුණු අතර අගමැති හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර දෙකක්ද ප්රදානය කෙරිණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.