මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සඳහන් කර තිබේ.
එක්දින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති, අගමැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර ඒ සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙයි.
එමෙන්ම නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇ.ඩො. මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.