විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
ජන වරමක් නැති වත්මන් රජය ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කරමින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සුපිරි පොහොසතුන් ආරක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ ඊයේ (10) මොනරාගල පැවැති භික්ෂු උපදේශක සභාව අමතමිනි.
''අපේ රටේ ජනතාව දශ ලක්ෂ ගණනින් දුප්පත් වෙලා, ණය මර උගුලකට අහු වෙලා, දැවැන්ත ආර්ථික අවපාතයකට ලක්වෙලා. වාර්තාවක් හරහා ජාත්‍යන්තර ආයතන පවා මේ බහුමාන දුගී භාවය ගැන සඳහන් කරලා තියෙනවා. ළදරුවන්, මව්වරුවන්, වැඩිහිටියන්, අවදානම් කොට්ඨාස, තරුණයන් හා ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් පවා මේ නිසා විපතට පත්වෙලා. සාමාන්‍ය ජනතාව මෙවැනි ව්යනයකට හසු වුනත් සුපිරි ධනවතුන් මේ ව්‍යසනයෙන් බේරිලා.
අපි කරන්න ඕනෙ අතිමහත් බහුතරයකගේ අවාසනාවන්ත තත්ත්වය මගහැර යන්න දායකත්වය ලබා දෙන එක. ධනවාදී ක්‍රමය තුළ සුපිරි පැළැන්තියක් නිර්මාණය වෙලා. මේ ධනවාදය ලුම්පන් ධනවාදයක්, ගජමිතුරු ධනවාදයක් නොවිය යුතුයි. ඒක මානුෂීය ධනවාදයත්, සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තිත් මුසු වුණ, සියලු දෙනාම ඇතුළත් වූ ආර්ථික වර්ධනයක් ඇති කළ යුතුයි. ඒ වගේ ම වරමක් නැති මේ රජය කරන්නේ ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සුපිරි පොහොසතුන් ආරක්ෂා කිරීමයි.’’
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.